රජය විසින් ඉන්ධන මිල පහළ දැමීමට පියවර ගැනීමත් සමග ඊට සාපේක්ෂව පොදු ප්‍රවාහන සේවයේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සහ පොදු ප්‍රවාහන රථ සංගම් නියෝජිතයින් අතර හමුවක් පැවැත්විය.
ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කිරීමටයි එහිදී එකඟත්වය පළ වී ඇත.
එහෙත් දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 12 කිසිදු වෙනසක් සිදු නොවන බවද එහිදී විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බව ය.
නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 965ක්ව පැවති වැඩිම සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 924 දක්වා අඩු කෙරේ.
තවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් ප්‍රමුඛතා මංතීරුව නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හොත් අවම බස් ගාස්තුව ද අඩු කළ හැකි බව ය.